ලංකා බැංකුවේ දූෂිත ඉහළ නිලධාරීන් ගැන වෘත්තීය සමිතිවලින්ම ජනපතිට පැමිණිලි

Date:

ලංකා බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එම බැංකුවේම වෘත්තීය සමිති පවා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් බැංකුවේ ගනුදෙනුකරුවන් වන කීර්තිමත් ව්‍යාපාරිකයින් බිය වැද්දීමටත්, මෙම නිලධාරීන්ට හිතවත් ව්‍යාපාරිකයින්ව ඔවුන්ගේ ව්‍යාපාර හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගැනීමට සහ බහුජාතික සමාගම් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට බලපෑම් කිරීමටත් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

එහිදී මෙම අයුතු බලපෑම් ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරිකයින්ට ණය සහ අනෙකුත් බැංකු පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැට්ටවීමට පවා එම නිලධාරීන් උත්සාහ දරා ඇති බවටත් වෘත්තීය සමිති චෝදනා කර ඇත.

විශේෂයෙන්ම තමන්ට හිතවත් ව්‍යාපාරිකයින්ට එක් ආකාරයකටත් අනෙක් ගනුදෙනුකරුවන්ට වෙනස් ආකාරයකටත් සලකන සහ විවිධ ජාවාරම්වලට සම්බන්ධ වන දෙබිඩි ප්‍රතිපත්තිය නිසා බොහෝ ව්‍යාපාරිකයින් අසීරුතාවලට පත්ව ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයින් ලංකා බැංකුව සමග ගනුදෙනු නැවැත්වීමට පවා තල්ලු වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

“ජාතියේ බැංකුකරු” ලෙස හඳුන්වන ලංකා බැංකුව, දේශීයව සහ විදේශීයව වැඩිම ශාඛා සංඛ්‍යාවක් ඇති ප්‍රමුඛතම බැංකු සේවා සපයන්නා වන අතර දශක අටකට වැඩි කාලයක් තුළ ඉහළම ඉතුරුම් සහ ඉහළම ණය වාර්තා කරමින් ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදී තිබේ. එවන් වූ ආයතනය දූෂිත ඉහළ නිලධාරීන් පිරිසක් නිසා අද තල්ලුවෙමින් පවතින කණගාටුදායක තත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්ම ජනාධිපතිවරයා ඇතුළු අනෙකුත් බලධාරීන්ගේ අවධානයට යොමුකර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...