ඔසී හැඩ කළ ගාලු පිටිය ලංකාවට එරෙහිව දඟ කරන ලකුණු

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 31,(LNW)කොළඹ :

ෂේන් වෝන් – මුරලි කුසලානය සඳහා පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ඔස්ට්‍රේලියාවට වාසිදායක තත්ත්වයට පත්ව ඇත.දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 6 ක් දැවී ලකුණු 654 ක දැවන්ත ඉණිමක් ගොඩ නඟන්නට සමත් විය.ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ ලකුණු යන්තර හැඩ කරන්නට වුව ද,ශ්‍රී ලංකා ඉණිමේ මේ වන විටත් කඩුලු 3 ක් ලකුණු 44 ට දවා ගැනීමේදී ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ගේ දඟ කැවීම ශ්‍රී ලංකාවට හිසරදයක්ව මතුව පැමිණෙමින් ඇත.


ඔස්ට්‍රේලියානු ඉණිමේ නැංගුරම වූයේ තමන්ගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සහිත ඉණිම දියත් කළ උස්මාන් කවාජා ය.ඔහු ලකුණු 232 ක් එක් කරන්නට සමත් විය.මන්දගාමිම නොවුණු පන්දු 352 න් වාර්තා වූ ඉණිම තුළ ආක්‍රමණයද ආරක්ෂාව තරමටම දැඩිව දකින්නට ලැබිණ.නායක ස්ටිව් ස්මිත් ලකුණු 141 ක් ලබා ගත් අතර ජොස් ඉන්ග්ලිස් පන්දු 94 දී ලකුණු 102 ක් ලබන්නට සමත් විය.


ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් තිදෙනෙකුම තරගයට කැඳවා තිබිණ.අසිත ප්‍රනාන්දු පමණක් වේග පන්දු යවන්නන් නියෝජනය කළේය.ලකුණු 654 ක් ලකුණු පූවරුවක් නිර්මාණය වන තෙක් නායක දණංජය අතිරේක පන්දු යවන්නන් ලෙස පන්දු ඒවර් කිහිපයක් හෝ යැවීමට තමන් හෝ ඇන්ජලෝ මැතිව්ස් වැන්නෙක් කැඳවීමට කල්පනා නොකිරීම පුදුම සහගතය.කෙසේ වුව ලකුණු 654 ක් කරා යද්දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ප්‍රහාරය යම් මට්ටමක සාහසික එකක් විය.දැවී ගිය කඩුලු 6 ප්‍රභාත් ජයසූරිය සහ කලකට පසුව ටෙස්ට් පිටියට පිවිසි ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 3 බැඟීන් බෙදිණි.


ශ්‍රී ලංකාව පළමු ඉණිම ආරම්භ කර පන්දු ඕවර් 15 ක් ගෙවෙන විට ශ්‍රී ලංකාවේ කඩුලු 3 ක් ම දවා ගෙන ඇත.මෙ තරගයට ශ්‍රී ලංකාවේ ආකාරයටම පිවිස සිටින ඔස්ට්‍රේලියානුවන් ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන කණ්ඩායම් සංයුතියක් සමඟ තරග කරන්නේය.වේග පන්දු යවන්නන් හිඟ නැති ඔස්ට්‍රේලියානු කදවුරේ ඉන්දියාවට එරෙහිව දස්කම් දැක් වූ ස්කොට් බෝලන්ඩ් පවා තරගයට ඉදිරිපත් නොකර දඟ පන්දු යවන්නන් තිදෙනෙක්ම කැඳවීම ඔවුන් සතු තරගයට අනුව තීරණ ගැනීමේ වෘත්තිමය ස්වභාවය මතු කර පෙන්වීමක්ය.මේ වන විට එම තීරණයේ ප්‍රතිපල ලෙස වේග පන්දු යවන මිචෙල් ස්ට්‍රැක් එක් කඩුල්ලක් දවා ගෙන සිටිය ද,ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් ලෙස මැතිව් කුහ්නෙමන් සහ නේදන් ලයන් ද එක් කඩුල්ල බැඟීන් දවා ගෙන සිටිති.එසේම ටොඩ් මර්ෆි ද ඊයේ දවසේ යවන ලද එක පන්දු ඕවරය ලකුණු නොදී සාර්ථකව නිමාවට පත් කළේය.
ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://es.pn/4jAPpsl

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...