ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම් කැනේඩියානුවන්ට කෙසේ බලපානු ඇත්ද?

Date:

සටහන – පුලී
පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පනවන්නේ නම් කැනඩාව බලහත්කාරයෙන් හෝ වහාම ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අගමැති ජස්ටින් ටෘඩෝ පැවසීය.

කැනේඩියානු ආනයන සඳහා 25% ක තීරුබදුවක් අය කළ හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.

“එය අපට අවශ්‍ය දේ නොවේ, නමුත් ඔහු ඉදිරියට ගෙන ගියහොත් අපි ද ඊට එරෙහිව ක්‍රියා කරන්නෙමු,” යනුවෙන් ටෘඩෝ ප්‍රකාශයක් නිකුත් කළේය.

තීරු බදු යනු ට්‍රම්ප්ගේ ආර්ථික දැක්මෙහි කේන්ද්‍රීය කොටසකි. ඔහුගේ ඇසින් ඔහු දකින්නේ එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය කිරීමට තීරු බදු ඔස්සේ හැකියාවක් ලැබෙන බවත්, රැකියා ආරක්ෂා කිරීමේ සහ බදු ආදායම ඉහළ නැංවීමේ මාර්ගයක් ලෙසත් ය.

එවැනි පියවරක් කැනඩාවේ ආර්ථිකයට විනාශකාරී ක්ෂණික බලපෑම් ඇති කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

මෙවැනි නියෝගයන් හේතුවෙන් ඉදිරි දින සහ සතිවලදී කැනේටියානුවන්ට දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදු වන බව ටෲඩෝ කැනේඩියානුවන්ට සිය රූපවාහිනී දේශනයේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...