ජන පීඩක ආණ්ඩුව පළවා හරිමු – ලංකා ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය අද ….

Date:

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම වැඩවර්ජනය අද (28) ක්‍රියාත්මක වේ.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත ය.

මෙහි මුල්ම පියවර වශයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය ආරම්භ කර තිබුණු අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ අද මධ්‍යම රාත්‍රිය වනතෙක්ම දුම්රිය ධාවනයක් සිදු නොවනු ඇති බවයි.

වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, ගුරු – විදුහල්පතිවරු, වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති මෙන්ම වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ද මෙම දැවැන්ත වැඩවර්ජනයට එක්ව සිටීම විශේෂත්වයකි.

අද වැඩවර්ජනය දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වන අතර සතියක් තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් රටේ සියලුම ක්ෂේත්‍ර නතර වන පරිදි අඛණ්ඩව සමස්ත මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවටයි වෘත්තීය සමිති අනතුරු හඟවා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...