සීආර් ජයග්‍රාහී ගමනට හැව්ලොක්ස් බාධා කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 03,(LNW)කොළඹ :

මේ සති අන්තය නිමා වුණේ වත්මන් ජාතික ලීග් රග්බි සූරයන් වන සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ලකුණු 53 – 42 ක් පරාජයක් අත් කර දෙමින්ය.මේ තත්ත්වය හැව්ලොක්ස් කණ්ඩායමටත් වඩා තමන්ගෙන් ගිලිහුණු රග්බි කිරුළ නැවත සීආර් වෙතින් අත් කර ගන්නට මඟ බලන මහනුවර ක්‍රීඩා සමාජයට වඩා සතුටුදායක පුවතක් වනු සැක නැත.එහෙත් තවම මේ තරගවාරයේ මහනුවර සහ සීආර් අතර ගැටුම සිඳු වී නැති නිසා මේ තීරණය එම තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගැනීමට ද බලපානු සැක නැත.

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් චේතන රාජරත්ක සහ ජයතු රාජරත්න පිළිවෙලින් උත්සාහක දිණුම් 4 ක් සහ 3 ක් රැස් කිරීම කැපී පෙණුන සිදුවීමක් විය.සචින්තන වෛයිනනාත ද එක් උත්සාහක දිණුමක් එක් කළ අතර ඒ අනුව හැව්ලොක්ස් කණ්ඩායම තරගයේ දී රැස් කරන ලද උත්සාහක දිණුම් ප්‍රමාණය 8 ක් විය.ඉන් පහකම ප්‍රවර්ථන සාර්ථක කළ සැමුවෙල් මධුවන්ත දඩුවම් පහරකින් ද ලකුණු රැස් කර දුන් අතර ඒ අනුව ඔවුන්ගේ ලකුණු 53 සැකසිණි.

සීආර් කණ්ඩායම ලැබූ ලකුණු 42 සඳහා උත්සාහක දිණුම් දෙකක් එක් කළ අතර අදීශ වීරතුංග,තිනෙත් ගමගේ,තේනුක නානායක්කාර,රැන්ඩි සිල්වා සහ කෙමෝද් මුතුනායක එක් උත්සාහක දිණුම් දෙක බැඟින් රැස් කරන්නට සමත් විය.ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දුන් සුබයිර් දොරේ තවත් එක් දඩුවම් පහරකින්ද ලකුණු රැස් කර සීආර් කණ්ඩායමේ ලකුණු පූවරුව 42 දක්වා ගෙන එන්නට දායක විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

මගේ අපේක්ෂාව 13 බලාත්මක කිරීමයි – සජිත් ඉන්දියාවේදී කියයි

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම...

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...