*
Monday, February 3, 2025
spot_img

Latest Posts

ඩීජී ව්‍යවස්ථාව වෙනස් කරන්නට අවුරුද්දක කාලයක් ඉල්ලයි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 03,(LNW)කොළඹ :

රගර් ව්‍යවස්ථාව ආසියානු බලපෑමට ඉවත් කිරීමේ කීකරු මෙහෙයුම තෙවන අමාත්‍යවරයා යටතේ ද ඉටු කරන්නට උත්සාහ දරමින්,පවතින රගර් ව්‍යවස්ථාවට අනුව නිලවරණය පවත්වා එම වගකීම නිල බලයෙන් පත්වන පරිපාලනයට ලබා නොදී තමන්ගේම මැදිහත්වීමෙන් ඉටු කරන්නට උත්සාහ කරමින් සිටන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු මේ වන විට ඒ සඳහා වසරක කාලයක් ජාත්‍යන්තර සම්මේලනයෙන් ඉල්ලා ඇත.

පවතින ව්‍යවස්ථාව තුළ සියලුම ක්‍රිඩා සමාජ නියෝජනයක් තිබෙන අතර,එය මේ දක්වා ගැටළුකාරි තත්ත්වයක් ලෙස කිසිවෙකුට ප්‍රශ්නයක් නොවිණ.එය ප්‍රශ්නකාරී තත්ත්වයකට යොමු වන්නේ එම ක්‍රීඩා සමාජ හරහා පැමිණ පළාත් සංගම්වල එකඟතාව ඇතුව පැමිණි නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට කරන ලද හානිය සහ අපකීර්තිය නිසා එම නිලධාරීන්ට මේ පළාත් සංගම් ඇතුළත ජනප්‍රියතාවය අහිමි වී තිබෙන බැවිනි.ඒ ඇතැම් නිලධාරීන්ගේ සමයේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් ලෝක සම්මේලනය දඩ මුදල් අය කරන අතර,එම දඩ මුදල අය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ලබා දෙන මුදලින්ය.මේ වසරේ ඊට අදාළ ඉන්වොයිසය මේ වන විටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලැබී ඇතත් ඒ බරපතල තත්ත්වය නොසළකා හැර ඔවුන්ට බලයට ඒසට හැකි පරිදි නැවත ව්‍යවස්ථාව සංශෝධනය කර පාරක් සකස් කර දීම ආසියානු සභාපතිවරයාගේ ආශිර්වාදයද ඇතුව ඔහු විසින් කරගෙන යනු ලබයි.

නිලවරණය පවත්වා පත්වන පරිපාලනය විසින් ලෝක සම්මේලනය සමඟ මේ තත්ත්වය සාකච්ඡා කරන්නට ගියහොත්,මේ රටේ දේශපාලකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ආශිර්වාදයද ඇතුව ආසියානු සභාපතිවරයාට මෙරට රගර් ක්‍රීඩාවට වින කරපු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමේ උවමනාව මිස මේ රටේ රගර් පරිපාලනයෙන් ඊට සම්බන්ධ කිසිවෙකු නොසළකා හැර නැති බවත්,ප්‍රජාතන්ත්‍රවාදිය විශ්වසනීය පුද්ගලයන්ට ඕනෑම ක්‍රීඩා සමාජ මට්ටමක සිට බලයට ඒමේ හැකියාව ඇති බවත් පෙන්වා දෙනු ඇති බැවින්,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උත්සාහ කරමින් සිටින්නේ අධිකරණය විසින් දුන් නියෝගයට අනුව පත් කළ නිලවරණ කමිටුව ද අපහසුවට පත් කරමින් ව්‍යවස්ථා සංශෝධන අවස්ථාව තමන් යටතටම පවරා ගන්නටය.

ආසියානු කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට සිය ඉතිහාසය විසින් අත් කර දී තිබෙන කීර්තිය පසෙකලා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණ තීරණ පවා නොසළකා හරිමින් මේ ආකාරයට කටයුතු කිරීම මෙන්ම අමාත්‍යවරු තිදෙනෙකුම ඔහුව ඒ තත්ත්වය යටතේ ද ඉවසා සිටීම විශ්වාස කළ නොහැකි සැක කටයුතු කාරණයක්ය.රගර් පවතින ව්‍යස්ථාව අනුව පත්වන කණ්ඩායමක් හමුවට නොයා ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ අධීක්ෂණය යටතේ වෙනස් කිරීමට දරණ උත්සාහය තුළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආසියානු සංගමයට සහ ලෝක සම්මේලනයට ලියමින් ක්‍රීඩාවේ දේශපාලන බලධාරීන්ට පෙන්නමින් සිටින උනන්දුවාගේ භූමිකාවේ අංග රචකය සමහර විට අධිකරණය හමුවේදී නිල බාල්දියට වැටුණු නරියා වැස්සට අසු වූ තත්ත්වයක් දක්වා වෙනස් වන්නට හැකිය.

ඡායාරූපයේ දැක්වෙන්නේ තමන්ගේ දේශපාලන නායකත්වය යටතේ ක්‍රීඩා තුනක්ම ජාත්‍යන්තර වශයෙන් තහනම් කරගත් රොෂාන් රණසිංහගේ අතින් ශෙමාල් ප්‍රනාන්දු ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පළමුවරට පත්වීම ලබා ගත් අවස්ථාවය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan