ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද එක්ක අන්තර්කාලීන ආණ්ඩු නැහැ – SJB

Date:

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ තවදුරටත් අන්තර් කාලීන ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානමක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එවැනි ආණ්ඩුවකින් අලුත් දෙයක් සිදුනොවන අතර තල්ලුවන්නේ පරණ තැනටම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් යෝජනා කර තිබෙන 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය සම්මතකර විෂයක ජනාධිපතිධූරය අහෝසි කර යම් යහපත් තත්ත්වයකට ප්‍රවිෂ්ඨ වන්නේ නම් ඒ පිළිබඳව සිතා බැලිය හැකි බවයි හෙතෙම කියා සිටින්නේ.

”අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන දැන් කතා බහක පැතිරෙනවා විතරක් නෙවෙයි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විවිධ අවස්ථාවල අන්තර්කාලීන ආණ්ඩු පිළිබඳ ආරාධනා කරලා තිබෙනවා. ඒත් එක්කම විවිධ ප්‍රකාශ මාධ්‍යයට කරලා තිබෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි මේ ආසාර්ථක ආණ්ඩුව නිර්මාණය කරලා තිබෙන්නේ මේ කණ්ඩායමමයි. මේ ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන මේ ආණ්ඩුව. ඉතින් එහෙම අවස්ථාවක අපි කොහොමද එවැනි අසාර්ථක සහ චෝදනා එල්ල වූ කණ්ඩායමක් සමඟ එකට එකතුවෙලා ආණ්ඩු කරන්නේ. ඒ නිසා මේ පිළිබඳ පක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතාත් ගැඹුරින් සාකච්ජා කරලා තිබෙනවා. එතුමාගේ අදහස් ප්‍රකාශ කරලත් තිබෙනවා. අපි කියන්නේ මෙය යම් ආකාරයක 21 වෙනි සංශෝධනය සම්මත කරලා එහි ඇතුලත් වෙලා තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන කාරණාවත් සමඟ අපි යම් යහපත් තත්ත්වයකට ප්‍රවිෂ්ඨ වෙනවා නම් මේ පිළිබඳව තවදුරටත් සිතා බැලිය හැකියි. එහෙම නැතුව අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිවිටෙක අන්තර් කාලීන ආණ්ඩුවක මේ ජනාධිපතිවරයා යටතේ සහ මේ අගමැතිවරයාගේ යටතේ තවදුරටත් ආණ්ඩුවක් හදල ක්‍රියාත්මක වෙන්න. එයින් වෙන්නේ පරණ තැනටම අපි තල්ලුවීම පමණයි.” යනුවෙන් අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...