ගාසා තීරය ගැන ට්‍රම්ප්ගේ සැලැස්ම පලස්තිනුවන් ප්‍රතික්ෂේප කරයි!

Date:

කොළඹ LNW:ගාසා තීරය යළි ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකාවට එම භූමිය ඇමරිකාවට පවරා ගැනීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද යෝජනාව පලස්තීනුවන් විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රකාශය සිදුකළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සකාච්ජාවේදිය.

ගාසා තීරයේ පලස්තීනුවන් මෙන්ම තවත් බොහෝදෙනා වාසය කරනු ඇති බවත් එය ඇමරිකාවට සංවර්ධනයේ මාවතට ගෙන ආ හැකි බවත් මිනිසුන්ට සතුටින් ජීවත් විය හැකි භූමියක්‌ බවට ගාසා තීරය පත්කිරීමට හැකි බවත් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණි.

එම ප්‍රකාශයට ඊශ්‍රායලයේ අගමැතිද සිය සහය දක්වා තිබෙන අතර ඔහු පවසා ඇත්තේ ගාසා තිරය ගැන ජනාධිපති ට්‍රම්ප්ගේ සැලැස්ම විශිෂ්ට අතර එය අනුගමනය කළ යුතු දෙයක් බවයි.

ට්‍රම්ප්ගේ යෝජනාව ගැන අහදස් දක්වමින් පලස්තීනුවන් පවසන්නේ කිසිලෙසකින්වත් ගාසා තීරය හැර නොයන බවයි.

ගාසා තිරයට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීනුවන් 47552ක් මේ වන විට ඝාතනයට ලක්ව තිබෙන අතර 111629 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර තවත් දහස් ගණනක් අතුරුදහන් වී සිටින අතර ඔවුන්ද මිය යන්නට ඇති බවටයි දැන් පලස්තීනය සැක පළකර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...