දිලිත් නාමල් සමග ප්‍රසිද්ධියේම ට්විටරේ පැටළෙයි …

Date:

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ.

නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය හරහා ප්‍රශ්න කර සිටින්නේ, මහජනතාවගෙන් යම් කොටසක් රජයට එරෙහිව අරගල කරද්දී, විපක්ෂය විරෝධතා පාගමන් සංවිධානය කරද්දී, ආණ්ඩු පක්ෂය දෙඩක වී බහුතරය නිර්මාණය කිරීම පිළිබඳ වෙහෙසෙද්දී රට විඳවමින් සිටින බවත්, සැවොම එක්වී ප්‍රශ්ණයට විසඳුමක් සොයනු වෙනුවට විවිධ න්‍යාය පත්‍ර වලට යටවී සිටිය යුතු ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කරන්නේ, එක් එක් අයගේ න්‍යාය පත්‍ර ගැන නාමල් රාජපක්ෂ මහතා කතා කරන්නේ නම් “ඇන්ටිජන් හොරු” යැයි තමන්ට එරෙහි සමාජ මාධ්‍ය තුළ ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපෘතියේ න්‍යාය පත්‍රය පසුපස සිටි අය ගැනත් කතා කළයුතු බවයි.

දිලිත් ජයවීර යනු වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කර වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා මූලික වෙමින් දැඩි වෙහෙසක් දැරූ ව්‍යාපාරිකයෙකු වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...