දිලිත් නාමල් සමග ප්‍රසිද්ධියේම ට්විටරේ පැටළෙයි …

Date:

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ.

නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය හරහා ප්‍රශ්න කර සිටින්නේ, මහජනතාවගෙන් යම් කොටසක් රජයට එරෙහිව අරගල කරද්දී, විපක්ෂය විරෝධතා පාගමන් සංවිධානය කරද්දී, ආණ්ඩු පක්ෂය දෙඩක වී බහුතරය නිර්මාණය කිරීම පිළිබඳ වෙහෙසෙද්දී රට විඳවමින් සිටින බවත්, සැවොම එක්වී ප්‍රශ්ණයට විසඳුමක් සොයනු වෙනුවට විවිධ න්‍යාය පත්‍ර වලට යටවී සිටිය යුතු ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කරන්නේ, එක් එක් අයගේ න්‍යාය පත්‍ර ගැන නාමල් රාජපක්ෂ මහතා කතා කරන්නේ නම් “ඇන්ටිජන් හොරු” යැයි තමන්ට එරෙහි සමාජ මාධ්‍ය තුළ ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපෘතියේ න්‍යාය පත්‍රය පසුපස සිටි අය ගැනත් කතා කළයුතු බවයි.

දිලිත් ජයවීර යනු වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කර වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා මූලික වෙමින් දැඩි වෙහෙසක් දැරූ ව්‍යාපාරිකයෙකු වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...