රජයේ සියලුම ගෙවීම් සඳහා අද සිට GovPay!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

අද (07) දිනයේ, රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම සිදුකිරීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බවයි.

දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”  යනුවෙන්, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...