පාස්පෝට් ගන්න කොළඹටම එන්න ඕනි නැතිවෙන හැඩ: උතුරටත් නව ආගමන හා විගමන කාර්යාලයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රික්කය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීමට වත්මන් රජය තීරණයක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.එම යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට නිමිත නව ආගමන හා විගමන කාර්යාලයත් පැය 24 පුරාම විවෘත තැබෙන බවද අද (08) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,

“පාස්පෝට් ප්‍රශ්නය ගැන අපි මාස දෙකයි දින 10ක් කථා කළා, අමාත්‍ය මණ්ලයේ කථා කළා, ආයතන ප්‍රධානීන් ගෙන්නලා කථා කළා, ඊට අමතරව අධිකරණයේ තියෙන ක්‍රියාමර්ග කඩිනම් කරගෙන මේ තියෙන පාස්පෝට් ප්‍රශ්න විසඳගන්න ඕනේ කියලා කථා කළා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩලය විසින් විද්වත් කමිටුවක්, මොරටුව විශ්වවිද්‍යාලය අතුළු ආයන කිහිපයක් එකතුකරලා කමිටුවක් දාලා වාර්තාවක් ගත්තා මේ සියලු වාර්තා වලින් අවසාන ප්‍රතිඵලය හැටියට අපිට තීන්දුවකට එන්න ඉඩකඩ ලැබුණා. ඒක තමයි තියෙන පාස්පොට් ප්‍රමාණය වැඩිකරලා මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි කියන එක.

පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගත්තා විද්වත් කමිටුව ඉදිරිපත්කළ වාර්තාව අනුව. පාස්පෝට් ප්‍රමාණය වැඩිකරන්නත්, ඒ වගේම දෛනිකව නිකුත්කරන පාස්පෝට් ප්‍රමාණය වැඩිකරන්නත්, ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාදෙන ප්‍රමාණය වැඩිකරන්නත් තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ වගේම යාපනයේ නව නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කරන්න තීන්දු කරලා තියෙනවා. ඉතින් ඒ තීන්දුව ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගන්න අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අරගෙන තියෙනවා. මේ වෙනකොට ඒ අමාත්‍ය මණ්ඩල තීන්දුව රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙනවා. දවස් දෙකක් තුනක් ඇතුළත රාජ්‍ය සේවා කොමිසම ඒ තීන්දුව ගන්නවා. ඒ තීන්දුව ගත්තට පස්සේ මේ කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන කාර්යාලයක් බවට පත් කරන්න තීන්දු කරලා තියෙන්නේ.” ලෙස පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...