බුද්ධ ශාසන ඇමතිත් CID යයි. CIDයේ නම වෙනස් කරන්න වෙන ලකුණු ?

Date:

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයකු සිංහරාජ පිවිසුමේ අනීතික ලෙස මැණික් පතලක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ජාල තුළ අසත්‍ය පුවතක් පළ වී ඇති බව කියමිනි.

අදාළ අසත්‍ය පුවතින් කියන ආකාරයේ ව්‍යාපාරික මිතුරෙකු තමන්ට නැති බවත් මෙවන් අසත්‍ය පුවත් පළකිරීම නිසා පෞද්ගලිකව තමන්ට මෙන්ම රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් අපකීර්තියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අසත්‍ය තොරතුරු පළ කළ සියලු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

නව රජය බලයට පත්ව ගතවූ කෙටි කාලය තුළ එහි මැති ඇමතිවරුන් ගණනාවක්ම තම තමන්ට සිදුවූ අපහාස සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනු දැකගත හැකිවිය. පොලීසිය භාර මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි, මන්ත්‍රී විජයසිරි බස්නායක, මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් යනාදීන් ඒ අතර වෙති.

මෙසේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට අපහාස සිදුවූ බවට කියන සිද්ධි විශාල ප්‍රමාණයක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම “අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව” යනුවෙන් වෙනස් කරන්නට සිදුවේදැයි කතාබහක් පොලීසිය තුළම ඇතිවී තිබෙන බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...