පකිස්ථානයේ පන්ජාබ්හි සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ වඩාත්ම ජනාකීර්ණ පන්ජාබ් පළාත මහජන ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සරුංගල් යැවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

මිට හේතුවී ඇත්තේ සෑම වසරකම බසන්ට් උත්සව සැමරීමේදී වීදුරු, ලෝහ-ආලේපිත හෝ නයිලෝන් නූල් නිසා සෑම වසරකම සිදු වන තුවාල සහ මරණ දුසිම් ගනනක් සිදුවීමැයි.

මේ හේතුවෙන් පන්ජාබ් සභාව පසුගිය මාසයේ සරුංගල් පියාසර කිරීම තහනම් කිරීමේ (සංශෝධන) පනත 2024 නිල වශයෙන් සම්මත කරන ලද අතර එමඟින් සරුංගල් පියාසර කරන්නන්, නිෂ්පාදකයින්, ප්‍රවාහනය කරන්නන් සහ විකුණුම්කරුවන් සඳහා වැඩි දියුණු කළ සිර දඬුවම් සහ දැඩි දඩ මුදල් හඳුන්වා දෙන ලදී.

පෙර පැවති නීතියට අනුව, සරුංගල් යවමින් අල්ලා ගන්නා පුද්ගලයින්ට වසර තුනක සිර දඬුවමක් හෝ රුපියල් 100,000 (ඩොලර් 360) දක්වා දඩයක් හෝ ඒ දෙකම පැනවිය හැකි අතර දැන්, ඔවුන්ට වසර පහක සිරදඬුවමක් හෝ රුපියල් මිලියන දෙකක (ඩොලර් 7,200) දඩයකට හෝ ඒ දෙකටම යටත් විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...