දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය දෙසැම්බර් 3 වන දා රට තුළ යුධ නීතිය පැනවීමට දැරූ අසාර්ථක උත්සාහය හේතුවෙන් දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ රැඳවුම් කාලය තවත් දින 20ක් දක්වා සෝල් නුවර අධිකරණය විසින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

රටතුල කැරැල්ලක් ඇතිවීමේ චෝදනාව මත ජනාධිපතිවරයා ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාලය (CIO) විසින් විමර්ශනය කරන අතර යුන් පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කර සේවය අත්හිටුවා ඇති අතර ව්‍යවස්ථාපිත අධිකරණයක් දෝෂාභියෝගය තහවුරු කරන්නේ නම් පමණක් යුන් තනතුරෙන් ඉවත් කරනු ලැබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා මුදා හැරියහොත් සාක්ෂි විනාශ විය හැකි බවට ප්‍රක්ෂයක් නිකුත් කරමින් අධිකරණය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් උසාවියට ​​කඩා වැදී දේපල විනාශ කර ඇති අතර සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

64 හැවිරිදි යුන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශකයින් සහ ඔහුගේ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අතර සති ගණනක් පැවති ගැටුමකින් පසුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...