දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය දෙසැම්බර් 3 වන දා රට තුළ යුධ නීතිය පැනවීමට දැරූ අසාර්ථක උත්සාහය හේතුවෙන් දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ රැඳවුම් කාලය තවත් දින 20ක් දක්වා සෝල් නුවර අධිකරණය විසින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

රටතුල කැරැල්ලක් ඇතිවීමේ චෝදනාව මත ජනාධිපතිවරයා ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාලය (CIO) විසින් විමර්ශනය කරන අතර යුන් පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කර සේවය අත්හිටුවා ඇති අතර ව්‍යවස්ථාපිත අධිකරණයක් දෝෂාභියෝගය තහවුරු කරන්නේ නම් පමණක් යුන් තනතුරෙන් ඉවත් කරනු ලැබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා මුදා හැරියහොත් සාක්ෂි විනාශ විය හැකි බවට ප්‍රක්ෂයක් නිකුත් කරමින් අධිකරණය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් උසාවියට ​​කඩා වැදී දේපල විනාශ කර ඇති අතර සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

64 හැවිරිදි යුන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශකයින් සහ ඔහුගේ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අතර සති ගණනක් පැවති ගැටුමකින් පසුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...