රට පුරා විදුලිය බිඳ වැටුණේ පසුගිය රජයන්ගේ වරදින් – ඇමති ඉංජිනේරු කුමාර

Date:

අද (09) දිනයේදී දිවයින පුරා විදුලිය ඇණ හිටීමක් සිදුවීමට හේතුව පසුගිය රජයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය සහ දුර්වල මග පෙන්වීම බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

“අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇණහිටීමක් සිදු වුණා.

ජතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොදින් සැළකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කළාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා.

කොහොම වුණත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නවා.

විදුලි බිඳවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු හා සහයෝගය දුන් සියළුදෙනාටමත් ස්තුතිවන්ත වෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...