රඹුක්කන ASP ත් රෝහල්ගත වෙලා. පොලිසිය හිතාමතාම අධිකරණයට අපහාස කරන මෙහෙයුමකද ?

Date:

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිත රඹුක්කන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ද රෝහල්ගත වී ඇති බව වාර්තා වේ.

ඔහු මහනුවර කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලට ඇතුළත්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

( චමින්ද ධර්මරත්න යනු ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාව සිටියදී තරුණයෙකුව ගොඩනැගිල්ලක උඩුමහලින් බිමට තල්ලු කර ඝාතනය කළ බවට ද චෝදනා ලැබූවෙකි.)

මේ රඹුක්කන වෙඩිතැබීමට අණදුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද ඊයේ කොළඹ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඉහළ පොලිස් නිලධාරීන්ම හැසිරෙන්නේ මේ ආකාරයට නම් ඔවුන් රටේ නීතිය පවත්වාගෙන යන්නේ කෙසේද, පොලිසිය රටේ නීතිය විහිළුවකට ගෙන නැතිද, මේ නිශ්චිත සිදුවීමේදී පොලිසිය හිතාමතා අධිකරණයට අපහාස කරමින් සිටින්නේද යන ප්‍රශ්න ජනතාවට මතුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...