රඹුක්කන ASP ත් රෝහල්ගත වෙලා. පොලිසිය හිතාමතාම අධිකරණයට අපහාස කරන මෙහෙයුමකද ?

Date:

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිත රඹුක්කන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ද රෝහල්ගත වී ඇති බව වාර්තා වේ.

ඔහු මහනුවර කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලට ඇතුළත්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

( චමින්ද ධර්මරත්න යනු ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාව සිටියදී තරුණයෙකුව ගොඩනැගිල්ලක උඩුමහලින් බිමට තල්ලු කර ඝාතනය කළ බවට ද චෝදනා ලැබූවෙකි.)

මේ රඹුක්කන වෙඩිතැබීමට අණදුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද ඊයේ කොළඹ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඉහළ පොලිස් නිලධාරීන්ම හැසිරෙන්නේ මේ ආකාරයට නම් ඔවුන් රටේ නීතිය පවත්වාගෙන යන්නේ කෙසේද, පොලිසිය රටේ නීතිය විහිළුවකට ගෙන නැතිද, මේ නිශ්චිත සිදුවීමේදී පොලිසිය හිතාමතා අධිකරණයට අපහාස කරමින් සිටින්නේද යන ප්‍රශ්න ජනතාවට මතුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...