*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ආණ්ඩු පක්ෂ රැස්වීම ගාලගෝට්ටියක් වෙයි. තිස්සකුට්ටි – ඩලස් – අරුන්දික – නාමල් ගැටෙයි !

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

රටේ තත්වය පිළිබඳ මූලික සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එහිදී මුලින්ම අදහස් දක්වමින් අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ පවතින විරෝධතා හමුවේ ආණ්ඩුව පියවරක් පසුපට ගත යුතුව ඇති බවකි. ඒ, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බව නොකියා කියමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා ඉල්ලා අස් නොවිය යුතු බවකි.

එමෙන්ම අරුන්දිකගේ ප්‍රකාශයට එරෙහි වෙමින් ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ ජනවරම ලැබී ඇත්තේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොව පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවයි. එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණ කරන බවට ද ඔහු චෝදනා කර තිබේ.

එයින් කෝපයට පත් ඩලස් අලහප්පෙරුම මහතා නැඟී සිට තමන් කිසිදා කුමන්ත්‍රණ කළ අයෙකු නොවෙන බවත් තමන් එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිවත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සටන් කළ බවත් සිහිපත් කර ඇති අතර ආණ්ඩුව වහාම අලුත් වියයුතු බවත් එසේ නොවුණහොත් මුහුණ පාමට සිදුවන භයානක අනතුර තමන් ජනාධිපතිවරයාටත් ලිඛිතව පෙන්වා දුන් බවත් ප්‍රකාශ කර ඇත.

මේ අතර නැවතත් අදහස් දක්වමින් අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බැවින් එය පවුල තුළම විසඳාගත යුතු බවකි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා කෝපයට පත්ව ඇති අතර මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත් අරුන්දික තමන් සමග එකක් කියා පැමිණ මෙතැන වෙන දෙයක් කියන බවත් පවසා ඇති බව සඳහන්.

මීට මැදිහත් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අගමැතිවරයාට ඉවත් වන ලෙස තමන් කිසිවිටෙක ප්‍රකාශ කර නොමැති බවත් අතුරු අයවැයක් ද සම්මත කරගත යුතු මේ මොහොතේ ආණ්ඩුවට 133ක බහුතරය අහිමි වීමේ අවදානමක් උද්ගතව ඇති බවත් ය.

එකිනෙකා අදහස් දක්වමින් රැස්වීම නැවතත් උණුසුම් වෙමින් යන මොහොතේදී අග්‍රාමාත්‍යවරයා මැදිහත්ව සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan