කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්!

Date:

කොළඹ LNW: 2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පවත්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාට ස්තුතිය පළ කිරීමට ද කටයුතු කර තිබේ.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 155,000ක් පමණ සිටින අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බවද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණි.

විදේශ කටයුතු,රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...