සැකකරුවකුගේ මරණය : වාද්දූව පොලීසියේ හතර දෙනෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වාද්දූව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලීසියේ කොස්තාපල්වරුන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවකුට පහරදීම යන චෝදනාව යටතේ මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා අද (12) සවස පානදුර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ව වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පෙබරවාරි 10 වනදා රාත්‍රියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි වාද්දූව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තරුණයෙකුව අත් අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇත. එහිදී නිවසට ගිය ඔහු බරපතළ ලෙස අසනීප වී ලේ වමනය කිරීම නිසා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු පොලිස් අත් අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරීන් ඔහුට දරුණු ලෙස පහරදී ඇති බවට ඔහුගේ ඥාතීන් පානදුර දකුණ පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකෙරේ.

මියගිය තැනැත්තා රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...