කර්මාන්ත වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක්!

Date:

කොළඹ LNW:කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට නව රජය බලාපොරොත්තු වෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

එහිදී නිෂ්පාදන යෙදවුම්වල බදු අඩුකිරීමක් හෝ බදු ඉවත් කිරීමක් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වසරේ බදු අඩුකිරීමක් බලාපොරොත්තු විය නොහැකි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව 15.1 % ක දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කරගැනීම සිදුවෙන බවත් අදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාව වැඩිවෙන විට එම සහන නැවත කර්මාන්තවල නිෂ්පාදනවලට දීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ සහ කර්මනතවල තාක්ෂණික ආයෝජනාවලට බදු සහන දීමට බලාපොරොත්තු වෙන බවද අබේසිංහ මහතා සඳහන් කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ හෝමාගම කලාපයේ කර්මාන්තකරුවන් 38 දෙනෙකුගේ ගැටලු සොයා බැලීමට පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තකරුවන්ගේ සංගමයේ දී පැවැත්වූ සකාච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...