රාජ්‍ය වියදම් කතුරට

Date:

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පියවර ගෙන ඇත.ඔහු එයින් දක්වන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම මේ මොහොතේ පවතින අර්බූදය හමුවේ කළ යුතු වුව ද,එයට කාලයක් ගතවන බැවින් රාජ්‍ය වියදම් පාලනය කිරීමට පියවර ගත යුතු බවය.

ඒ අනුව විවිධ චක්‍රලේඛ මඟින් හඳුන්වා දී ඇති ඉන්ධන සහ සංනිවේදන දීමනා පාලනයටත්,ජල,විදුලි බිල් සීමා කිරීමටත්.ගොඩනැඟිළි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් නැවත්වීමටත් මෙම චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇත.දේශිය අරමුදල් මඟින් සිදු කරනු ලබ විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවත්වීමට උපදෙස් දෙන එම චක්‍රලේඛණය,අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යංශ සහ ආයතන මට්ටමෙන් සිඳු කරනු ලබන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීමටත්,විවිධ සුබසාධන සහ සහනාධාර සම්බන්ධයෙන් නව බැදීම් ඇති කර නොගැනීමටත් උපදෙස් ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 මේ සමඟ පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...