තීක්ෂණ දෙකට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යැවීමේ දී එක්දින තරග පිටියේ තෙවැන්නාව සිටි මහේෂ් තීක්ෂණ දෙවන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ වගේම ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නායක චරිත් අසලංක පිතිකරණයේ දී මෙතෙක් සිටි 18 වන තැනින් 17 වන තැනට උසස් වෙන්නට සමත්ව තිබෙනවා.


පැතුම් නිශ්ශංක එක්දින පිටියේ පළමු පිතිකරුවන් 10 දෙනා අතර රැඳුණු එකම ලාංකේය පිතිකරුවාව සිටි අතර එහෙත් නවතම ශ්‍රේණිගත කිරීමවලට අනුව මෑත ඉතිහාසයේ ඔහු වෙතින් හොඳ ඉණිමක් දියත් නොවීම නිසා මදක් පසු බා එකොළොස්වන තැනට පැමිණ තිබෙනවා.


ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී කමිඳු මෙණ්ඩිස්ගෙන් පසුබීමක් පෙන්වන අතර ඔහු හයවන තැන සිට හත්වන තැනට පහළ පැමිණ තිබෙනවා.දිනේෂ් චන්දිමාල් සුපුරුදු ලෙස 13 වන තැන රැකගෙන සිටින අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් විශාලම ඉදිරියක් පෙන්වන ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටින්නේ පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනයට පාත්‍ර වූ කුසල් මෙණ්ඩිස් ය.ඔහු දක්ෂතාවලින් පහත වැටීම නිසා 42 වන තැන දක්වා පහළ බැස සිටියත්,මේ මොහොතේ යළිත් ලකුණු අතරට පිවිසෙමින් ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ 28 වන තැනට පත්ව සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...