නවීන් දිසානායකට තනතුරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී, එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති, පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇත.

දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දරණු ලැබීය.