ඉන්දියාව උණුසුම්

Date:

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (The India Meteorological Department-IMD) මෙම සතියේ වයඹ සහ මධ්‍යම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-4 කින් ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර මේ වන විට මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් මෙම උෂ්ණත්වයෙන් පීඩා විදිමින් සිටි.ඉන්දියාවේ, විශේෂයෙන්ම මැයි සහ ජූනි මාසවල උෂ්ණත්ව අගය ඉහළ යාමක් බහුලව දක්නට ලැබෙන අතර, එය මෙම වසරේ මාර්තු මාසයේ සිටම ඉහළ උෂ්ණත්වයක් සමගම ආරම්භ විය .

මාර්තු මාසයේ මෙම අගය , උපරිම උෂ්ණත්වය වසර 122 කින් පසුව වාර්තා වූ ඉහළම අගය විය.

උෂ්ණත්වයන් සඳහා ප්‍රසිද්ධ උතුරු ප්‍රාන්තය වන හිමාචල් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 15 කට පමණ මේ වසරේ මුල් කාල සිමාව මෙම උෂ්ණත්වය දැඩිව බලපා ඇති බව එරට විද්‍යාව සහ පරිසරය පිළිබඳ මධ්‍යස්ථානය, (The Centre for Science and Environment)පවසයි .මේ සතියේ දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.බටහිර කාලගුණිකත කැළඹීම් ,මධ්‍යධරණී කලාපයෙන් හටගත් කුණාටු , යනුදිය මීට බල පා ඇත.මෙම කාලායේ වෙසෙන ගොවීන් පවසන්නේ අනපේක්ෂිත උෂ්ණත්වය ඉහළ යාම ඔවුන්ගේ තිරිඟු අස්වැන්නට බලපා ඇති බවත්ය. තාපය අධි වීම නිසා බොහෝ ප්‍රාන්තවල විදුලිය ඇනහිටීම සහ විදුලි ඉල්ලුම වැඩිවීමට ද හේතු වී තිබේ.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ලැව් ගිනි ඇතිවීමේ අවදානම ද වර්ධනය වී ඇත.

විශේෂයෙන් ම ඉන්දියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශ වල ගිම්හාන කාලය සැමවිටම මෙවැනි ස්වභාවයක් උසුලයි. වායුසමීකරණ යන්ත්‍ර සහ ජල සිසිලන යන්ත්‍ර මිලියන ගණනින් විකිණීම මේ වන විට එරට ආරම්භවී ඇත.2015 වසරේ සිට, එරට මධ්‍ය සහ ප්‍රාන්ත ආන්ඩු දෙකම උණුසුම්ම වේලාවන්හි පිටත වැඩ කිරීම තහනම් කිරීම සහ ඒ පිළිබඳව උපදෙස් නිකුත් කිරීම වැනි නීත්‍යනුකුල පියවර ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...