පකිස්ථානයේ මිලියන 2 කට වැඩි ඇෆ්ගන් ජාතිකයන් නව පිටුවහල් කිරීමේ රැල්ලකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2021 අගෝස්තු මාසයේදී කාබුල්හි තලේබාන් සංවිධානය බලයට පත් වීමෙන් පසු පකිස්ථානයේ රැකවරණය පතා පැමිණි ඇෆ්ගන් ජාතිකයන් 600,000 ත් 800,000 ත් අතර සංඛ්‍යාවක් ආපසු ඇෆ්ගනිස්ථානයට යැවීමේ තුන් අදියර සැලැස්මක් අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය ගෙනහැර දැක්වීමත් සමඟ ඇෆ්ගන් ජාතිකයන් බලවත් තර්ජනයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

රජයේ ඇස්තමේන්තුවලට අනුව පාකිස්තානය දැනට මිලියන 2.5 කට වැඩි ඇෆ්ගන් වැසියන්ට සත්කාර කරයි.
මෙහි පළමු අදියර යටතේ ලේඛනගත නොකළ සියලුම ඇෆ්ගන් පුරවැසියන් වහාම පිටුවහල් කිරීම ඇතුළත් වේ. වලංගු වීසා මත රටට ඇතුළු නොවූ නමුත් 2017 සිට පාකිස්තාන රජය විසින්ම ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් (ACC) ලබා දී ඇති ඇෆ්ගන් ජාතිකයන් 800,000 ක් මෙයට ඇතුළත් ය.

දෙවන අදියරේදී 2006 දී ප්‍රථම වරට නිකුත් කරන ලද ඊනියා ලියාපදිංචි ලේඛන හෝ PoR කාඩ්පත් ඇති ඇෆ්ගන් පුරවැසියන් කෙරෙහි අවධානය යොමු කරන අතර අවසාන අදියරේදී තුන්වන රටවලට නැවත පදිංචි විය හැකි ඇෆ්ගනිස්ථාන පුරවැසියන් ඉලක්ක කෙරේ.

සැලැස්ම අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, වලංගු වීසා බලපත්‍රලාභීන් පමණක් රට තුළ රැඳී සිටිනු ඇති අතර නිසි ලියකියවිලි නොමැතිව බලහත්කාරයෙන් පාකිස්තානයට ඇතුළු වූ අනෙකුත් සරණාගතයින් කිසිවෙකුට රැඳී සිටීමට ඉඩ නොදේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ණය සේවාකරණය සහ විදේශ සංචිත ගොඩනගා ගැනීමේ අභියෝගය

ණය සේවාකරණය කියා කියන්නේ කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය...

ඇමෙරිකාවේ ගුවන් ගමන් 4700කට ආසන්න සංඛ්‍යාවක් අවලංගුයි; 10,494ක් ප්‍රමාදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 14 : ඇමෙරිකා එක්සත්...

මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...