වල්බූරු නිදහස් ආර්ථිකයෙන් මෙතෙක් ආවෙ ඩොලර් බිලියන 20යි. යන ආයෝජකයින් ගියාට අපට ලොකු නෑ – ඇමති චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවෙන් ඉවත් යන බව කියන ආයෝජකයින් යනු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියට අනුකූල නොමැති පිරිසක් බවත් ඔවුන්ගේ ඉවත්ව යාම තමන්ට එතරම් අර්බුදයක් නොවන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“අපි අහන්න කැමතියි 1977 ඉඳලා මේ රටට ආපු ආයෝජන මොනවද කියලා. වල්බූරු නිදහස් ආර්ථිකය ඇතුළෙ මේ රටට ආවෙ ඩොලර් බිලියන 20ක විතර ආයෝජන විතරයි. ආයෝජකයෙක්ට ලංකාව දැන් විවෘතයි වංචාව, දුෂණයෙන් තොරව. ඔය යනවා කියන ආයෝජකයෝ අපෙ ජාතික ප්‍රතිපත්තියට අනුකූල නැහැ. ඉතින් ඒක අපට ලොකු අර්බුදයක් නෙවෙයි. අපි පැහැදිලිවම කියලා තියනවා තරගකාරී මිල ගණන්වලට එන්නෙ නැතිනම් අපි ඒ ව්‍යාපෘතිය ඉදිරියට යන්නෙ නැහැ කියන එක. ඉතින් ඒක රටේ ප්‍රතිපත්තිය, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 15) පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...