රුසියාවට එරෙහිව හමුදාව යෙදවීමට ස්ටාමා සුදානම්

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ දිගුකාලින ආරක්ෂාව වෙනුවෙන් රුසියාවට එරෙහිව සිය බටපිරිස් යෙදවීමට තමා අදහස් කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා ප්‍රකශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේබව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේදී රුසියානු ජනාධිපති පුටින් හමුවීමට සුදානම් බව ප්‍රකශ කිරීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ නායකත්වයෙන් අද(17) පැරිසියේදී පැවැත්වීමට නියමිට යුරෝපා රටවල නායකයන්ගේ සමුළුවට පෙර සඳහන් කර තිබේ.

කෙසේ නමුත්, අද(17) දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් පැරිසියේ කැඳවන ලද රැස්වීමට ශ්‍රීමත් කීර් ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල නායකයින් සමඟ යුරෝපීය කවුන්සිලයේ සහ යුරෝපීය කොමිසමේ සභාපතිවරුන් සහභාගී වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...