තුනෙන් දෙක ගන්න අද පළාත් පාලන විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවට!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම අනුව උක්ත තීරණය .ගෙන ඇත.

පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබුණි.

එහි 2 වැනි වගන්තියෙන් 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට බලය හිමිවන අතර පළාත් පාලන ඡන්දය සදහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් තැන්පත් කර ඇති ඇප මුදල් යළි අදාළ පුද්ගලයින් වෙත ලබා දීම ද එම ප්‍රතිපතිපාදනයට අතුලත්ය.

අදාළ ඡන්දය පැවැත්වීම සදහා ආඥා පනතේ විධිවිධාන අනුව පියවර ගැනීම ආරම්භ කළ යුතු බව තුන්වෙනි වගන්තියේ දක්වා ඇත. ]
ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට අනුව එම ප්‍රතිපාදන සැලසීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වෙයි.

ඒ අනුව ඊට අදාළ විශේෂ විධි විධාන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජන්දය විමසීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...