සටහන – පුලී
පෙබරවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දකුණු කොරියානු තරුණ රංඟනශිල්පිනියක් වන Kim Sae-ron සෝල් නුවරදී මියගොස් ඇතැයි එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
24 හැවිරිදි ඇය ඉකුත් ඉරිදා ඇයගේ මිතුරෙකු විසින් සෝල් නගරයේ Seongsu-dong දිස්ත්‍රික්කයේ පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටි විට සොයා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිධාරීන් පැවසුවේ මරණය පිළිබඳ කිසිදු සලකුණක් හමු නොවූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවයි.
2000 වසරේ සෝල් හි උපත ලද ඇය ළමා රංඟනශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 2009 වසරේ A Brand New Life චිත්‍රපටයේ ඇයගේ භූමිකාව සමඟ ප්‍රසිද්ධියට පත් වූවාය.
ඇය 2010 වසරේ දකුණු කොරියාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන The Man from Nowhere සහ 2012 වසරේ නිකුත් වූ ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Neighbour හි ද සිය රඟපෑමෙන් දායක විය.
කිම්ගේ අවසන් රංඟන දායකත්වය Netflix හි 2023 වසරේ නිකුත් වූ Bloodhounds විය.