සරසවි සිසුන්ගේ ඉල්ලීමත් අයවැයෙන් ඉටුවෙයි!

Date:

කොළඹ LNW: විශ්ව විද්‍යාල සිදුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල් 6,500ක් දක්වා වැඩි කිරීමටත් මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ.

මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට ද නියමිතයි.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4,600කි.

විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් වෙන්කිරීමට නව රජය කටයුතු කර ඇති බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

මේ අතර සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉහලම ප්‍රතිපාදන වෙන්කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...