හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවක් විභාගයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

අද (18) දින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙන අතර, අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බව පැවසේ.

පසුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කර ඇත.

අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කර ඇත්තේ, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් රුපියල් 240000/- කට ආසන්න සිය පෞද්ගලික ජංගම දුරකතන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...