වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණයේ කට වැසූ කොට්ටහච්චි!

Date:

සටහන – ඉසුරු පරාක්‍රම

පෙබරවාරි 19, LNW (කොළඹ): මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජන බලවේගය විසින් තමාට උපදෙස් ලබා දී ඇතැයි ඉකුත් දිනක තමා විසින් ප්‍රකාශකළ බවට පළවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

ඉකුත් දින ඩේලි මිරර් පුවත්පත විසින් පළකර තිබූ වාර්තාවක දැක්වූයේ මාධ්‍යයට ප්‍රකාශ ලබා නොදෙන මෙන් තම පක්ෂය විසින් තමාට උපදෙස් ලබා දී ඇති බවට කොට්ටහච්චි මහත්මිය විසින් මාධ්‍යයට පැවසූ බවයි.

කෙසේවෙතත්, මෙම පුවත සාවද්‍ය වාර්තාකරණයක් බවත්, ඩේලි මිරර් පුවත්පතේ වගකීම් විරහිත මාධ්‍ය භාවිතාව පිළිබඳව තමා කණගාටුවට පත්වන බවත් එම මන්ත්‍රීතුමිය විසින් පළකළ සමාජ මාධ්‍ය සටහනක දැක්වේ.

“ඔබේ අසත්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ මම කණගාටුවට පත්වෙමි” කොට්ටහච්චි මහත්මිය විසින් පළකළ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ එවැන්නකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...