රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න සහ කොස්තාපල්ලා තිදෙනා රිමාන්ඩ්

Date:

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්නව ලබන 06 වනදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ, ඔහු ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේන්පිට පොලිස් රෝහලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පැමිණ කළ පරීක්ෂාවකින් අනතුරුව ය.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරී ඇත.

ඒ, ඔවුන් තිදෙනා ප්‍රතිකාර ලබමින් සිටින කුණ්ඩසාලේ පොලිස් රෝහලට තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා ගොස් කළ පරීක්ෂාවකින් අනතුරුවය.

මීට අමතරව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන SSP කීර්තිරත්න සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කර කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන කොස්තාපල්වරුන් තිදෙනා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කර තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (29) නියෝග කළාය.

නීතිමය කටයුතු හමුවේ දේශපාලන ප්‍රභූවරුන් අසනීප වී රෝහල්ගතවීමේ තත්වය දැන් පොලිස් නිලධාරීන්ටත් වැළඳී ඇති බව අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් මෙහිදී අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

මෙම වෙඩිතැබීමට සම්බන්ධ කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා සහ තවත් සැරයන්වරයෙකු ද අත් අඩංගුවට ගතයුතු බවත් එම නීතීඥවරුන් විසින් අධිකරණයට දන්වා සිටි අතර ඒ අනුව, එවැනි තවත් නිලධාරීන් සිටී නම් අත් අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...