පාස්පෝට් කන්තෝරුව අද සිට පැය 24ම වැඩ. විශේෂ බස් සේවාවකුත් දෙයි

0
422

සටහන – රුවන් නෙළුගොල්ල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ අංශය අද (පෙබරවාරි 19) වනදා සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේදී බත්තරමුල්ල දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.