ධනුක තවමත් උපවාසයේ

අරලියගහ මන්දිරය ඉදිරිපිට,ආණ්ඩුවට එරෙහි ජනතාව විසින් විරෝධය දැක්වීම පිණිස සකස් කර තිබෙන මයිනාගෝගම විරෝධතා භූමියේ රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් උපවාසයක යෙදෙන ධනුක දිසානායක පැය 70 ක කාලයක් ඉක්මවා තවමත් අඛණ්ඩව උපවාසයේ යෙදෙමින් ඇත.

ගිරිඋල්ලේ පදිංචිකරුවෙක් වෙන ධනුක,අරගලයට බාධාවන ලෙස පොලීසිය යෙද වූ බස් රථයක්ම සහයට ගනිමින්,සිය කූඩාරම තනාගෙන මෙම උපවාසය ක්‍රියාත්මක කරයි.

දියවැඩියා රෝග ලක්ෂණ ඇති ධනුක ඊයෙ හවස වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් විය.රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ද වෛද්‍යවරු ධනුකගේ අවධානය යොමු කළත් ඔහු අඛණ්ඩව සිය උපවාසය ඉදිරියට කරගෙන යාමට තීරණය කර ඇත.එසේම අරලියගහ මන්දිරය ප්‍රතිචාර ලෙස මෙම අරගලභූමියට බාධාවන ලෙස අඛණ්ඩව පිරිත් ප්‍රචාරය සිදු කරමින් සිටියි.දින ගණනාවක් තිස්සේ මහජන මුදලින් විදුලි බිල ගෙවා නඩත්තු කරන අරලියගහ මන්දිරය මේ ආකාරයට විදුලිය වැය කරමින් පිරිත් දේශනාව ප්‍රචාරය කරමින් සිටියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...