රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වෙනුවෙන් අලුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීමේ අරමුණින්, ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ, සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදු විය යුතු අතර, මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බවයි.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...