රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වෙනුවෙන් අලුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීමේ අරමුණින්, ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ, සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදු විය යුතු අතර, මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බවයි.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...