යූරෝ දහදාහක් වටිනා කිස් එකක්!

සටහන – පුලී
පෙබරවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්පාඤ්ඤයේ හිටපු පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා වන ලුයිස් රුබියල්ස්, ක්‍රීඩිකාවක් වන ජෙනී හර්මෝසෝව සිපගැනීමේ චෝදනාවට වරදකරු වී ඊට යුරෝ 10,800 (පවුම් 8,942) දඩයක් ගෙවන ලෙසට ස්පාඤ්ඤ මහාධිකරණය අද තීන්දු කර තිබේ.

2023 ලෝක කුසලානය සිඩ්නිහිදී එංගලන්තය පරදවා ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පදක්කම් ලබාගනිද්දී රුබියල්ස් මෙලෙස හර්මෝසෝ ගේ හිසෙන් අල්ලා ඇගේ දෙතොල් සිපගත්තේය.

මෙම සිද්ධිය කෙරෙහි එල්ල වුණු විරෝධය මධ්‍යයේ රුබියල්ස්ගේ ඉල්ලා අස්වීම සඳහා ද කැඳවුම් කිරීමක් පවා සිදු විය.

කාන්තා පාපන්දු සහ පුළුල් ස්පාඤ්ඤ සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳව ස්පාඤ්ඤයේ විවාදයක් ඇති කළ මෙම නඩු කටයුත්තේ දී නඩු පවරන්නන් රුබියල්ස්ට සිර දඬුවමක් ද ඉල්ලා තිබුණි.

හර්මෝසෝ සිටිනා ඉසව්වෙන් මීටර් 200 ක අරය තුළට පවා රුබියල්ස්ට යාම සහ වසරක කාලයක් ඇය සමඟ සන්නිවේදනය කිරීම මෙම තීන්දුව මගින් තහනම් කර ඇති බව අධිකරණය නිවේදනයක් ද නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...