*
Saturday, February 22, 2025
spot_img

Latest Posts

ට්‍රම්ප් ගේ වර්ගවාදී ඊතල පහරින් දිවි අහිමි වූ පුංචි මල් කැකුල.. මහා විනාශයක ආරම්භය මෙය ද?

සටහන – පුලී
පෙබරවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජොසලින් යන්තම් වයස අවුරුදු 11 ක් වුණු මල් කැකුළකි. ඇය මේ වයසට කනස්සල්ලට පත් විය යුතුව තිබුණේ ගණිත විභාගයට, උදෑසන අවධිව පාසලට යෑමට සිදුවීම සහ ඇගේ නියපොතු ආලේපනයන් හි වර්ණය පිළිබඳව මිස ඇයව හෝ ඇයගේ පවුලේ අය රටින් පිටුවහල් කරයි ද යන භීතිකාව නොවේ. ඒ වෙනුවට, සමාජය තුළ ක්‍රමානුකූලව සාමාන්‍යකරණය වී ඇති වෛරය සහ ආගම්වාදය තුළ මුල් බැසගත් රකුසු මුහුණ ඇය බිලිගෙන අවසන්‍ ය.

ඇගේ පන්තියේ මිතුරන්, ඇය වැනි දරුවන් පිටුවහල් කරන බව ඇයට පැවසුවා පමණක් නොව ඇයගේ පවුල රැගෙන යන බවත් ඇය තනි වනු ඇති බවත් පවසන්නට ඇත. මේවා අහඹු ලෙස ප්‍රකාශ කරන කුරිරු වචන තුළ ගැබ්ව ඇත්තක් පමණක් නොව ඒවා අන්තර්ජාලයෙන්, බලපෑම් කරන්නන්ගෙන්, දේශපාලකයන්ගෙන්, වැඩසටහනකින් වුවද පුංචි හිතට කාවැද්දෙන ප්‍රකාශයන් ය

පාසලෙන් වුවද ඔවුන් මේ දරුවාට හිරිහැර, නින්දා සහ අමානුෂික ලෙස සැලකීම දෙස බලා සිටි අතර, ඔවුන් කිසි විටෙකත් ඇගේ දෙමාපියන්ට මේ පිළිබඳ පැවසීමට එක් ඇමතුමක් හෝ ගත්තේ ද නැත. ඔවුන් කිසි විටෙකත් ඇයව ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ද නැත. ඇය දුක් විඳි දේ ඇගේ පවුලේ අය දැන ගන්නා විට, එයට ඔවුන් ප්‍රමාද වැඩිය.


ජොසලින්ගේ මරණය හුදකලා ඛේදවාචකයක් නොවේ. එය බලය සහ ලාභය සඳහා භීතිය සහ භේදය අවුස්සන දේශපාලකයින් සහ මාධ්‍යවේදීන් විසින් ද්වේෂ සහගත වාචාලකමෙන් විෂ කර ඇති පරිසරයක ප්‍රතිඵලයකි.

අන්තවාදී දේශපාලකයන්ගෙන් අපට අසන්නට ලැබෙන ජාතිවාදී, සංක්‍රමණ විරෝධී කතා බහ ඔලුවට වැටෙන දරුවන් ඔවුන්ගේ ඔලුගෙඩි ඇතුළේ මේවා කාවද්දා ගැනීම අහම්බයක් නොවේ. “නිදහස් භාෂණය” ලෙස වෙස්වලාගත් ආගම්වාදයෙන් සංතෘප්ත වූ අන්තර්ජාලයකට තරුණ පරම්පරාවන් නිරාවරණය වන විට මෙවැනි වෛරයක් ඔවුන් අතර වර්ධනය වීම අහම්බයක් නොවේ. ජොසලින්ට වුනේ ද එයම ය. ඇය මේ ලේකයට අයිති නැති බව ඇයට හැඟෙන්නට සැලැස්වීම, ගැලවීමට මගක් නොපෙනෙන තුරු ඇයට මානසිකව හිරිහැර කිරීම මේ කුරිරු සමාජ පන්තියේ බලපෑමකි.

කෲරත්වය නොසලකා හරින්නේ නැති විට ඉන් සිදුවන විපාකයන් කියා නිමකළ නොහැකිය. ජොසලින් වැනි දරුවන්, නිශ්ශබ්දව දුක් විඳිමින්, ඔවුන්ගේ වටිනාකම ගැන ප්‍රශ්න කරමින්, ලෝකයේ ඔවුන්ට ස්ථානයක් නොමැති බව හිතමින් නිකරුණේ මැරිලා යනවා විය හැකිය.

රජයේ ප්‍රතිපත්තිවල සිට ප්‍රකෝටිපතියන්ගේ අරමුදල් සහිත අත්හදා බැලීම් දක්වා, ඔවුන්ගේ ජීවිත ඇපයක් ව හමාරය.

මෑතකදී කතා බහට ලක් වුණු (DOGE) සමඟ මස්ක්ගේ සම්බන්ධය ඔහුගේ මූල්‍ය තීරණ හෝ මුදල් වෙලඳපොලවල් කෙරෙහි ඇති බලපෑම පුණ්‍යායතනවලට ඍණාත්මක ලෙස බලපෑ බවට ද කසුකුසුවක් තිබේ.

ඉන් ඔබ්බට ගියහොත් ට්‍රම්ප් ගේ MAGA ව්‍යාපාරය තුළ “දේශප්‍රේමීන්” යන කාණ්ඩයක් වෛරය සාමාන්‍යකරණය කර ඇත, ඔවුන්ගේ වාචාලකම සහ ප්‍රතිපත්ති කුඩා ළමයින්ගේ මනසට ද සෘජු හානියක් ඇති කරයි. ඔවුන්ගේ අන්තවාදී මතවාදයන් ඉලක්ක කරන්නේ සංක්‍රමණිකයන් පමණක් නොව ළමයින් හුදකලා කරන ක්‍රියාවන්, LGBTQ+ විරෝධී නීති සම්පාදනයන්, සෞඛ්‍ය ආරක්ෂණය, අධ්‍යාපනය සහ මූලික මානව හිමිකම් උල්ලංඝනය දක්වා, මෙම ව්‍යාපාරය වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රතිපත්ති මත ගොඩනගා ඇත.

සමහර අවස්ථාවලදී, අන්තවාදී මතවාදයන් අවුලුවන ලද මහා වෙඩි තැබීම්, කුරිරු සංක්‍රමණ ප්‍රතිපත්තිවලින් ඉරා දැමූ පවුල්, දරුවන් සියදිවි නසා ගැනීම දක්වා මනසින් වැටෙනු ඇත.

මේ ව්‍යාපාරයන් මෙන්ම ඔවුන්ගේ කෲර ප්‍රතිපත්ති ලබා දුන් අත්වල ලේ තිබෙන බව කීම අතිශයෝක්තියක් නොවේ.

ට්‍රම්ප්ටනම් මේ දේවල් අදාලම නැත. ඔහු ඉන්නවනම් ඉඳපන් නැතිනම් පලයන් සීන් එකේ ඉන්න බවක් මෑතකදිත් දැකගත හැකි විය. ඔහු රටේ මිනිස්සුන්ටත් අකමැත්තෙන් ඉන්න එපා යන්න ඕනිනම් යන්න කියන තැනට වැටී ඇත.

ජොසලින් මේ වනවිටත් මෙහි සිටිය යුතුය. ඇය තම යහළුවන් සමඟ සිනාසෙමින්, උපන් දින සමරමින්, තමා කැමති කැමති රසමසවුළු කමින් සිටිය යුතුය. එහෙත් ඒ වෙනුවට ඇය කෲරත්වයට, නූගත්කමට, ඇයව අසාර්ථක කළ පද්ධතියකට අහිමි වූ දරුවන්ගේ ඉහලට යන ලැයිස්තුවේ තවත් එක් නමක් බවට පත්ව ඇත.

මෙය දිගටම සිදු විය නොහැක. පාසල් මෙන්ම රජය මේ කිරි සප්පයන්ගේ අකල් වියෝවන්ට වගකිව යුතුය. දෙමාපියන් ඒ පිළිබඳ වගබලා ගත යුතුය. වෛරය පතුරවන වේදිකාවන් වගකිව යුතුය.

මොකද මේක එක ළමයෙක් ගැන විතරක් නෙවෙයි. ඒ සියල්ලන් වෙනුවෙන් අපි සකස් කරන අනාගතය ගැනයි. දැන් ඒ අනාගතය බියෙන් තැති ගනිමින් පවතී.

අවසාන වශයෙන් ඔවුන්ගේ සමාජ අසාර්ථකත්වය සඳහා ජොසලින් වැනි හය හතර නොදත් දරුවන් වන්දි ගෙවීමට සිදු නොවිය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan