ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇල්ලූ ජවනිකාවේ ඇත්තම විස්තරේ මෙන්න !

Date:

ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත්තු පුවත මාධ්‍යයට ආවේ ඊයේ (19) හැන්දෑවේ. මුලින්ම කියවුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඔහුව අත් අඩංගුවට ගත්තා කියලායි. පසුව ඊයේ රාත්‍රියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවත්වපු විශේෂ මාධ්‍ය හමුවේදී කිව්වේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායත් ලබාගෙන පොලීසිය කළ මෙහෙයුමකදී සැකකරු අත් අඩංගුවට ගත්තාය කියලා.

ආරංචියේ හැටියට වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි ….,

මොහොමඩ් අස්ලාම් ෂෙරීෆ්ඩීන්, සමීර ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම් වලින් පෙනී හිටපු මේ සැකකරු කල්පිටිය හරහා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ පැත්තට යද්දී පුත්තලම, පාලවිය ප්‍රදේශයේ යොදා තිබුණු පොඩි මාර්ග බාධකයකදී තමයි අත් අඩංගුවට අරන් තියෙන්නේ.

ඔහු KDH වෑන් රථයකින් රියදුරෙකුත් එක්ක යද්දී ඒ මාර්ග බාධකයේ හිටපු පොලිස් නිලධාරියෙක් ඔහුව නවත්වලා ප්‍රශ්න කරලා තියෙනවා. එතැනදී ඔහු තමන් “ලෝයර්” කෙනෙක් බව කියලා තියෙනවා. පොලිස් නිලධාරියා එතකොට අහලා තියෙනවා මේ KDH වෑන් එකකින් කොහෙද යන්නේ කියලා. ඒකට උත්තර දෙමින් ඔහු කියලා තියෙන්නේ තමන් ළඟදී පිටරට යන්න සූදානමින් ඉන්න බවත් රට යන්න කලින් බයික් දෙකක් ගන්න ආපු බවත්.

මේ කතාවලින් තරමක සැකයක් ඇතිවුණු නිසා පොලිස් නිලධාරියා මේ සැකකාරයාගෙන් අහලා දණ්ඩ නීති සංග්‍රහයේ ඇප දිය නොහැකි වරදවල් 05 මොනවාද කියලා. ඒකෙන් තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නේ. සැකකාරයා ඒකට උත්තර දීගන්න බැරිව තමන්ට ඕවා මතකයෙන් කියන්න බැරි බවත් තමන් දැන් කාලෙක ඉඳන් ප්‍රැක්ටිස් නොකරන බවත් කියලා. පොලිස් නිලධාරියා තවත් නීති ප්‍රශ්නයක් අහලා, ඔහුට ඒකටත් උත්තර දීගන්න බැරිවෙලා.

මේ පුද්ගලයා බොරු ලෝයර් කෙනෙක් බව ඕකෙන් තහවුරු කරගත්තු පොලිස් නිලධාරියා කොළඹින් එවපු ඡායාරූපය බලලා. මොහුගේ හැඩරුවත් ඊට සමාන නිසා ඔහුව නවත්වාගෙන ඉහළ නිලධාරීන්ට දුරකථනයෙන් දැනුම් දීලා. ඊටපස්සේ තමයි එතැනට වහාම STF එකෙන් ගෙන්වාගෙන තියෙන්නේ.

ඒ ආපු STF කට්ටිය කොහොම හරි ෆොටෝ ගහලා ඒවා මීඩියාවලට යවලා තිබුණා.

අලුත්කඩේ අධිකරණ ගේට්ටුවෙන් එළියට ගිහින් පළාගිය මේ සැකකාරයා යන්නේ කොයි පැත්තටද කියලා හොයාගෙන තියෙන්නේ දුරකථන අංකයකින්. මේ පුද්ගලයාගේ CCTV දර්ශන ලබාගෙන ඔහු කවුද කියලා හඳුනාගත්තාට පස්සේ ඔහු හමුදාවට ලබාදීලා තිබුණු විස්තර පරීක්ෂා කරලා තියෙනවා. එතැනදී ඔහු හමුදාවට ලබාදී තිබුණු එක දුරකථන අංකයක් තවමත් වැඩකරන බව සොයාගෙන තියෙනවා. මේ පුද්ගලයා ඒ දුරකථන සිම් කාඩ්පත සක්‍රියව තමන් ළඟ තියාගෙන ඉඳලා. ඒ අනුව තමයි ඔහු පුත්තලම පැත්තට යන බව සොයාගෙන ඒ පැත්තේ මාර්ගවල පොලිස් නිලධාරීන් මාර්ග බාධක රාජකාරිවලට යොදවලා තියෙන්නේ.

මේ වෙද්දී ඔය සැකකරු ගැන එක එක කතා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තියෙනවා. ඒවා ගැන විස්තරේ ඉදිරියේදී කියන්නම් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...