කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් 2025 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ප්‍රෝඩාවක් බවට චෝදනා කරමින් අද (20) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එක්සත් සමාජවාදී පක්ෂය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊට සීමිත පිරිසක් සහභාගී වී සිටින ආකරයයි දක්නට ලැබුණේ.
එම අයවැය IMF අයවැයක් බවත් එය මර උගුලක් බවත් වැඩිකළ වැටුපද එකවර වැඩි කරන ලෙසත් විරෝධතාකරුවෝ රජයට බලකර සිටියහ.
වතු කම්කරු වැටුපද වැඩිකළ ප්‍රමාණය නොසෑහෙන අතර එම දෛනික වැටුප රු.2500ක් ලෙස ඉහළ දමන ලෙසද ඔවුන් රජයට අවධාරණය කරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න





















