රට හදන යුටෝපියාව ….

Date:

රට හදනවා, ජනතාව දිනවනවා කියන ප්‍රවාදය තරම් ඉතිහාසයේ පට්ට ගැහිච්ච, අපයෝජනයට ලක් වුණ වාක්‍යයක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති…

දන්න කියන කාලයක ඉඳන්ම පාලකයෝ ඔක්කොම ආවේ රට හදන්න.. හැබැයි රට එතනමයි… වැඩියෙන්ම රට හදන්ට කයිය ගහපු උන් හිටපු කාලවලදි රට තිබ්බ තැනිනුත් පහලට වැටුනා..

මට මතකයි 88 – 89 කාලේ නිසි ආයුධ සහ අදාල පුහුණුව නැතිව අපි සන්නද්ධ අරගලයකින් බලය අල්ලන්ට ගිය කාලේ..ඒ කාලෙත් අපිට කලින්ම තේරුනා මේ ක්‍රමයට ගියොත් අපිට ලාබෙට මැරෙන්න වෙන්නෙ කියලා, ඒ කාලෙත් අපි හිතුවෙ ඒත් කමක් නෑ රට හැදෙනවා නම් ඒ ඇති කියලා..

අන්තිමේදී මොකද වුණේ …? හැට දාහකට වඩා තරුණ ජීවිත නැතිවෙලා රටේ දේපොල ප්‍රමාණයකුත් ගිනිබත් වෙලා රට තිබ්බට වඩා පස්සට ගියා..

මට පස්සෙන් පහු තමා තේරුනේ එදා අපිට රට හදන්ට බලය ලැබුන නම් ඒක ඉවර වෙන්න තිබ්බෙ තවත් කාම්බෝජයක් විදියට කියලා..

මේ වගේ රටක අවබෝධයක් නැතිව කරන්ට යන ආර්ථික දේශපාලන අත්හදාබැලීම් හරි බයානකයි කියලයි මට නම් දැන් හිතෙන්නේ ….

රට හදනවා කියලා එකක් නෑ.. කරන්ට තියෙන්නේ, මේ හුදෙකලා දූපත ලෝකෙට සම්බන්ද කරන්නයි තියෙන්නේ.. මොකද මේ දූපත වගේම මේකෙ මිනිස්සුන්ගේ ආකල්පත් මුහුදෙන් කොටුවෙලයි තියෙන්නේ ..

මේකෙ මිනිස්සු හිතන් ඉන්නෙ රට හදනවා කියන්නෙ මේකෙ අරන් ගිහින් ලෝකේ උඩින්ම තියන එක කියලා….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...