රනිල් පාර්ලිමේන්තු එන කතාව බොරුවක්.අපෙන් ඉල්ලීමක් කර නෑ.අපිට එහෙම දෙන්න ක්‍රමයකුත් නෑ – සිලින්ඩරේ මහලේකම්

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පෙරමුණේ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා පවසයි.

මෙම පුවතේ සත්‍යතාව පිළිබඳව සිදු කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය සඳහන් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්ව නොමැති බවයි.

ඇය එහිදී මෙසේද සඳහන් කළාය,

“එහෙම ප්‍රවෘත්ති පළවෙලා කියලා මටත් ආරංචි වුණා. හැබැයි ඒවයේ කිසිම ඇත්තක් නැහැ. මොකද අපේ පක්ෂයෙන් දැනට දෙන්නෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවනේ. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට යන්න නම්, ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අයින් වෙන්න ඕනේ. එහෙම සූදානමක් නැහැ. අනිත් එක රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත් එහෙම ඉල්ලීමක් ඇවිත් නැහැ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු යනවද නැද්ද කියල තීරණය කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය.”

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බවට එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු විසින් සිය හිතවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙනයමින් සිටින බවයි.

පසුගිය මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර එම මන්ත්‍රීධුර නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික ලේකම් රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...