වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට පත් මිද්දෙණියේ පියා සහ දරුවන්ගේ ඝාතකයන් ගැන තවත් කරුනු හෙළිවෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ඝාතකයන් පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇති බව කරුණු හෙළිවේ.

මෙම සැකකරුවන්, මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රහැර හන්දිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර, එම සැකකරුවන් අවුරුදු 37 හා 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

තවද, ඔවුන් දෙදෙනාම යුධ හමුදා හිටපු සෙබළුන් බවත්, මොවුන් යුධ හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරන බව වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...