වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට පත් මිද්දෙණියේ පියා සහ දරුවන්ගේ ඝාතකයන් ගැන තවත් කරුනු හෙළිවෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ඝාතකයන් පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇති බව කරුණු හෙළිවේ.

මෙම සැකකරුවන්, මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රහැර හන්දිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර, එම සැකකරුවන් අවුරුදු 37 හා 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

තවද, ඔවුන් දෙදෙනාම යුධ හමුදා හිටපු සෙබළුන් බවත්, මොවුන් යුධ හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරන බව වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...