පාප් වහන්සේ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුභ ලකුණක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 වකුගඩු හා පෙනහළු ආබාධයක් සම්බන්ධයෙන් සතියකට වැඩි කලක් පුරාවට රෝහල් ගතව සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන නමුත් ඔහුට රෝහල් විවේකීව සිට වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වූ බව වතිකානුවෙන් ඉකුත් සඳුදා පස්වරුවේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.

“ශුද්ධ වූ පියතුමන්ගේ සායනික තත්ත්වය බරපතල වුවද සුළු දියුණුවක් පෙන්නුම් කරන බව” ද “උදෑසන ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත් අතර දහවල් ඔහු වැඩ කටයුතු නැවත ආරම්භ කළ බව” යනුවෙන් ද වැඩිදුරටත් එම ප්‍රකාශයේ සඳහන් කෙරිණි.

මේ වනවිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාන්‍ය පරිදි ආහාර ගන්නා බවත්, මීට අමතරව සෞඛ්‍ය තත්ත්වය යහපත් වී තිබේද යන්න පිළිබඳව වෛද්‍යවරු වැඩිදුර තොරතුරු ලබා නොදුන් බවත් දැනගන්නට හැකි විය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 14 වැනි දින රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙනහළුවල නියුමෝනියා තත්ත්වයක් හටගෙන ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කාගේත් අවධානය යොමු විය.

සමහරු එතුමන් ස්වර්ගස්ත වූ බව ද පවසමින් විවිධාකාරයේ බොරු මවමින් කටකතා පැතිරීමට ද සලස්වා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...