නවසීලන්ත සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ Pitch To Pitch වැඩ සටහනට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එක්වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

නවසීලන්ත ජාතිකයන් මෙරට සංචාරය කිරීම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

Pitch To Pitch ලෙස නම් කර තිබුණු මෙම වැඩ සටහනට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ ගායනා මෙන්ම විශේෂ සමාජ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් කීපයක් ද ඇතුළත් විය.


ඒ සඳහා සහභාගි වූ විශේෂ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හමු වූ අති විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස අවිවාදිත අරවින්ද ද සිල්වා ද දකින්නට ලැබිණ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වත්මන් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක සූරියන් වන නවසීලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව විස්සයි විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගි වීමට අද නවසීලන්තය වලා පිටත් වීමට නියමිතය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය