2029න් ලංකාවේ විපක්ෂය ඉවරයි. 2049 දක්වා මාලිමාවේ තනි පක්ෂ පාලනයක් ? – නියෝජ්‍ය ඇමති කියපු කතාව

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වසර 25ක් රට පාලනය කරන බවත් එහි පළමු වසර පහ අවසන් වනවිට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඉතිරි නොවන බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“අවුරුදු 25කින් අපේ පක්ෂය ගෙදර යවන්නෙ නෑ කියන එක මතක තියාගන්න. අවුරුදු පහක් කරනකොට විපක්ෂය ආයෙ සෙත්තපෝච්චිම තමයි. විපක්ෂය පහ නෙවෙයි ඉතුරු වෙන්නෙත් නෑ. ඉතුරු වෙන්නෙත් නැහැ විපක්ෂයක්. 2029 නොවැම්බර් මාසෙ 15 ලංකාවේ මරණ දැන්වීමක් ඇලවෙයි. මොකක්ද කියන්නද ඒ මරණ දැන්වීම ? 1947 උපත ලබා අවුරුදු 83ක් කල් ගෙවන ලද විපක්ෂය අභාවප්‍රාප්ත වූ හෙයින් අවමංගල කටයුතු මැදමුලන කනත්තේ සිරිකොත ආදාහනාගාරයේදී අපරභාග 04.30 ට සිදුකරනු ලැබේ. මල්වඩම් අනවශ්‍යයි, රතිඤ්ඤා අවශ්‍යයි. විපක්ෂය එතනින් ඉවරයි”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (22) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...