නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් ජනාධිපති ධුරය අත් හැරීමට තමා සුදානම් බව සෙලෙන්ස්කි කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ තුන්වන සංවත්සරය සැපිරෙන අද(24) දිනයේදී සාමය වෙනුවෙන් නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තම ජනාධිපති ධූරය අත්හැරීමට තමා සුදානම් බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි යුරෝපා නායකයන් අමතමින් සඳහන් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතිය මුලදී සෙලෙන්ස්කි “මැතිවරණයකින් තොර ඒකාධිපතියෙකු” ලෙස හැඳින්වීමෙන් පසුව ඔහු මෙම ප්‍රකශය සිදුකර ඇත.

2019 මැයි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සෙලෙන්ස්කි 2022 පෙබරවාරි මාසයේදී දියත් වූ රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයේ සිට ක්‍රියාත්මක වූ යුක්රේනයේ යුද නීතිය යටතේ මැතිවරණ අත්හිටුවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...