අන්තර්ජාලයෙන් ඩොලර් උපයන අයට 15% ක බද්ද ගෙවන්න වෙනවා – කැබිනට් ප්‍රකාශක පිළිගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමාජ මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින්ට 2025 අප්‍රේල් මාසයේ සිට එම ආදායම් සඳහා 15% ක බද්දක් පැනවෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ප්‍රශ්නය – අප්‍රේල් මාසේ ඉඳලා සේවා අංශයට 15%ක බද්දක් පැනවෙනවා. එතකොට ඒකට අයිතිවෙනවා අද වෙනකොට ලංකාවට වැඩිය පේන්නෙ නැතිවුණත් ඩොලර් විශාල ප්‍රමාණයක් ගේන සමාජ මාධ්‍ය හරහා කෙරෙන ක්‍රියාකාරකම්, ඒ වගේම ෆයිවර් වගේ සයිට්ස් හරහා ලංකාවට ඩොලර් ගේනවා ලංකාවේ ඉන්න දක්ෂ තරුණයින්. මේගොල්ලන්ටත් මේකෙ බරපතළ ගැටලුවක් වෙනවා, මේගොල්ලන්ටත් මේ 15%ක බද්ද වදිනවා. හැබැයි ඒගොල්ලො ලංකාවට ඩොලර් විශාල ප්‍රමාණයක් ගෙනෙන පිරිසක්. මේ කට්ටියව දිරිමත් කරනවා වෙනුවෙට මේ වගේ ඩොලර් ගේන්න ලංකාවට, මේ අයට බද්දක් ගහන එක කොච්චර සාධාරණද ?

“මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහළ බද්දක් තමයි යෝජනා වෙලා තිබුණේ. නමුත් අපට මේ වෙලාවේදී මේක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මීට වඩා බරපතළ බදුවලට යන්න වෙනවා. මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධ වෙන්නෙ ජනතාවට විශාල බරක් පටවන්නෙ නැතිව. දැනටමත් පැටවිලා තියෙන බරෙන් අඩුකරන්න උත්සාහ කරමින් යන්නෙ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට මීට වඩා සහනයක් දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යාංශය පැත්තෙන්. ඇත්තටම පහුගිය සතියේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා මෙතෙන්ට ආපු වෙලාවේදී ඔය ප්‍රශ්නය ඔහොම්ම අහන්න තිබුණා නේද ?”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් විශාල මෙහෙයක් ඉටුකළ අතර ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය doit නමින් ඔවුන්ගේ පක්ෂයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ විශාල සමුළුවක් ද මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.

මෙම 15% ක බද්ද සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංවාදයක් මතුව තිබුණු අතර ඒ ගැන ආණ්ඩු හිතවාදීන් විවිධ අර්ථකථන දක්වනු ද දක්නට ලැබිණි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ බද්ද පනවා ඇති බව පිළිගනු ලැබුවේ පළමු වතාවට ඊයේ නලින්ද ජයතිස්ස මහතා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...