බයිලා ගහන්න එපා අනේ.දැන් ඩඩ්ලි නිහඬයි.ගොවියෝ හඬයි!(VIDEO)

Date:

කොළඹ LNW:ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බවට ලාල් කාන්ත ඇමතිවරයා පැවසුවද අවසානයේ හාල් මෝල් හිමියන් කැඳවා ජනාධිපතිවරයා මේසෙට ද ගසා රු. 10ක් හාල් මෝල් හිමියන්ට වැඩිකර දුන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අවසානයේ ඩඩ්ලි නිහඬයි, ගොවියා හඩන තැනට පත්ව තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ආර්ථිකය නව දිශානතියකට ගෙන විත් ඇති බවට අගමැතිතුමිය පැවසුවද මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනෙක පවසා තිබුණේ ආර්ථික දිශානතියේ වෙනසක් සිදුව නොමැති බව යැයි ද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේවෙතත් 77න් පසු ආර්ථික මොඩලය ලෙස පවතින වෙළෙඳපොළ ආර්ථිකයෙන් පිට පැනිය නොහැකි බවයි රහුමාන් මහතා අවධාරණය කරන්නේ.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (25) අයවැය විවාදයට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...