ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හා විපක්ෂ නායක අතර හමුවක්!

Date:

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර සුවිශේෂී හමුවක් අද (26) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබුණි.

වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...